උඩවලව ඇත්අතුරු සෙවණේ ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී පාද රක්ෂිතයේ මද්දකට හසුවී සිටිය පසුගියදා මුදාගත් කළු කොටියා මිය ගියේය.කළු කොටියා මිය ගිය බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  චන්දන සූරියබණ්ඩාර මහතා ඊයේ (29 දින) සඳහන් කළේය.

මෙරට ප්‍රාණය සහිත කළු කොටියෙකු වඳ වී ගිය සත්ත්ව විශේෂයක් ලෙස සැලකුණු අතර මද්දකට හසුව සිටි මෙම කළු කොටියා පසුගිය 26 වැනිදා වන ජීවි නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවේ නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේදී. 

නිර්වින්දනයකර මද්දෙන් මුදාගත් කොටියා ප්‍රතිකාර සඳහා රන්දෙණිගල රජයේ පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගියේය.ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළු කොටියා උඩවළව ඇත් අතුරු සෙවණ පශු රෝහල වෙත රැගෙන ගිය අතර එහිදී මෙම සත්ත්වයා ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියේය.

පශු වෛද්‍ය මාලක අබේවර්ධන පවසන්නේ මද්දට හසුවීම නිසා කොටියාගේ ගෙල ප්‍රදේශයේ පටකවලට හානි සිදුව තිබූ බවයි.නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් අධිකරණයට වාර්තා කළ කරුණු සලකා බැලීමෙන් පසු කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේදී සිදු කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මෙහේස්ත්‍රාත් ජේ ට්‍රොස්කි මහතා මහතා නියෝග කළේය.ඔවුන් අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ කළු කොටියාට බරපතළ තුවාල සිදුව නොතිබුණු බවයි.

නල්ලතන්නිය වනජීවී නිලධාරීන් පවසා තිබුනේ කොටියාට ප්‍රතිකාර ලබා දෙන්නැයි පශු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම නොතකා ඔවුන්, වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය බව පවසා කොටියා උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන ගිය බවත්,එම අධිකරණ නියෝගය අනුව කළු කොටියාගේ මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා ඊයේ පේරාදෙණිය පශූ වෛද්‍ය පීඨය වෙත රැගෙන ගියේය.