අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය. එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් පමණක් රටතුළ මතුව ඇති අර්බුදය විසදා ගැනීමට පාර්ලිමේන්තුව රැස්කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.යම්කිසි කෙනකුට අර්බුදයක් අවශ්‍යනම් අර්බුදය මතින් දේශපාලනය කිරීමට අවශ්‍යනම් ඒ මත්තේ ගැටිය හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාස 03කට වඩා වැඩි කාලයක් පාර්ලිමේන්තුව රැස් නොකර රට රැගෙන යා නොහැකි බව ඔහු මෙහිදී පැවසීය.එලෙසම අප්‍රේල් මස 30වැනිදාට පසු රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිම හැකියාවක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

හේතුවෙන් රට සම්පූර්ණයෙන් ව්‍යවස්ථාමය හා නීතිමය වශයෙන් අවුලකට පත්ව ඇති අවස්ථාවක විපක්ෂයේ සියලුම පක්ෂ ලිඛිතව රජය පරාජයට පත් නොකරන බවත් රජයට විරුද්ධව විශ්වාස භංග ගෙන නොඑන බවත් කිසිදු වැටුපක්, දීමනාවක්, විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් හිමිකම් ඉල්ලීමක් සිදු නොකර කිසිදු වරප්‍රසාදයකින් තොරව රට මුහුණ දී ඇති මෙම අර්බුදයෙන් ගොඩ ඒමට පුර්ණ සහය ලබාදීමට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය එන තෙක් පාර්ලිමේන්තුව රැස්කරන මෙන් ඉල්ලා සිටි බව පැවසුවේය.