ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (11) පස්වරුවේ ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.


1967 වසරේදී උපත ලද මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා දේශීය මෙන්ම විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක අධ්‍යාපනය හදාරා ඇති අතර කලක් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ද කටයුතු කළ ඒ මහතා ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.