අද(08) සිට බස්නාහිර පළාත තුළ මංතීරු නීතිය යළි ක්‍රියාවට නංවන බව පොලීසිය පවසයි.බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ප්‍රකාශ කළේ, එහි පළමු අදියර ලෙස මොරටුවේ සිට පිටකොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි.

දැනට ගාලු පාරේ මොරටුව සිට ඕල්කට් මාවත දක්වා පමණක් මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ අනුව උදෑසන 6.00 සිට 9.00 දක්වාත් පස්වරු 04.00 සිට රාත්‍රී 07.00 දක්වාත් මෙම නීතිය ක්‍රියාත්මක වෙයි.සෙසු මාර්ගවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කෙරේ.