වෙසක් පෝ දිනට සමගාමීව ජාතිය ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ කොවිඩ් -19 අර්බුදයේදී බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම් වඩාත් කාලෝචිත බව තහවුරු වූ බවයි.

මේ අතර ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,351ක් දක්වා ඉහළ ගොස් තිබේ.වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,889ක්. වසංගතය හේතුවෙන් ඉන්දියාව පනවා තිබූ දැඩි සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ සිරවී සිටි බොහෝ දෙනා තම නිවෙස් බලා යාම ආරම්භ කර තිබේ.නමුත් නිවෙස් වෙත යාමට ලබාදී ඇති ප්‍රවාහන සේවා ප්‍රමාණවත් නොවීම නිසා ඇතැමුන් ගම්බිම් බලා ගොස් ඇත්තේ පා ගමනින්.