ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට සහ රටට සෙත්පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිමේ පැවති ආගමික වතාවත්වලට සහභාගී වී තිබේ. සෝමාවතිය පුදබිමට පැමිණි ජනාධිපතිවරයා රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමි බැහැ දැක ආශිර්වාද ලබාගත් බවත් සෝමාවතී සෑ රඳුන් වෙත සිදු කෙරුණු කප්රුක් පූජාවට ද සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

 

සෝමාවතිය පුදබිම ගංවතුර තත්ත්වයන්ට ලක්වන බැවින් එවැනි අවස්ථාවකදී සහය විය හැකි ආකාරයෙන් ගුවන් හමුදාව විසින් ඉදිකෙරුණු හෙලිකොප්ටර් යානාංගනය විවෘත කිරීමට ද ජනාධිපතිවරයා එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.