බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල තැනින් තැන අද වැසි ඇති වන අතර නැවතත් නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 දක්වා වැඩි‍ විය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති වෙයි.