කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති වෙයි.

සවස් වරුවේ නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රිකකයන් වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක බවත් මන්නාරම දිස්ත්‍රික්කයේ උදය කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකියි.දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 දක්වා වැඩි විය හැකියි.